Monday, September 30, 2013

7. වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්. 

සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.

යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෙනෙකුට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.


පැන්නනෙ පීලි. මේ පවුලෙ උන් ඔක්කොම මට ඒ දවස්වල මගේම පවුලෙ උන් වගේ තමයි. තමන්ගෙම දරුවෙකුට වගේ තමයි මමීත් මට සැලකුවෙ ඇත්තටම.
ඉතිං, මේ නොමිලේ වාසය කිරීම හිතට වද දෙන නිසා. මම දවසක් ලොකු එළවලු මල්ලක් අරං ගෙදර ආවා. 

ගෙට ගොඩ වෙනකොටම ඕක දැකපු සුරේෂයා උගෙ අර කැත හිනාව දාලා "කොහෙද බං උඹ මේ යන්නෙ අතිං කටිං එල්ලගෙන?" කියල ඇහුව.

මමත්, "මේක ගිහිං ඇතුලෙං තියපංකො හොඳ එකා වගේ" කියලා කිව්ව ගොනා වගේ.

"ඒයි! උඹ මේ මෙහෙටද ඕක ගෙනාවෙ?" කියපූ මූ බෙරිහන් දෙන්න ගත්තෙ නැත්ද,
"මමී, මමී, මෙහෙ එන්න. මේං මූ නැදෑ ගම් ඇවිල්ල."කියල.

කට්ටියම දුවගෙන ඇවිත් මාව වටකරගෙන, කිච කරා මාව නැතිවෙන්නම.

ඊට පස්සෙ මං ගෙනාපු එළවලුවක් උයන ගානෙ මාව මඩවනවා.
"අද උයල තියෙන්නෙ පරිප්පුයි, හෙන්රියගෙ/අරූගෙ/උඹේ (සුදුසු වචනය යොදා) බෝංචියි, පපඩනුයි..." යනාදී වසයෙන්.

කොහොම හරි කතාව ඉවරවෙන්නෙ මමී මන් දිහා හිනාවක් එක්ක බලං ඉඳල " You are a wonderful..." කියනකොටම මම පැනල, " idiot " කියල සම්පූර්ණ කරනව මමී ඊට වැඩිය හොඳ වචනයක් දාන කලිං..

ඒ එළවලු ටික ඉවරවෙච්ච දවස මට පුදුමාකාර අස්වැසිල්ලක් සහනයක් ලැබිච්ච දවසක් කියලයි මට හිතෙන්නෙ. පස්සෙ මම හොස්ටල් එකට යන කල්ම, ඒ වගෙ ගොං වැඩක් කලේ නෑ.


ඉතුරු කතා පස්සෙ අහමුකො.

No comments:

Post a Comment

Now you can Spice Up your comments!

Wanna escape HTML?

This is how to insert a link:
<a href="LINK HERE"> WORDS HERE</a>

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]