මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.
අම්මෝ එහෙම කාලයක්… වැඩි විස්තර කියන්නම්කො පස්සෙ බ්ලොග් වල.
ප්‍රී සර්විස් එකෙන් පස්සෙ උමේෂුයි මායි දෙන්නම දාපි අනිවාර්ය දුෂ්කර සේවයට අම්පාරට. හොඳ වෙලාවට අපි දෙන්නම වැටුනෙ නගරයෙම තියන ලඟ ලඟ ඉස්කෝල දෙකකට. සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ. ගිය දා ඉඳල බලන්නෙ ආපහු මාරුවක් හදාගෙන එන්නයි. අපිත් ඉතිං එහෙමම තමා. හැබැයි කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම nostalgia එකක්.
මේ පැඩිඩිලියන් සෙට් එකේ තියෙන කැපී පෙනෙන අංගය තමයි කට. ‘කට නැත්නම් යකෝ මෙලහට බල්ලොත් ඇදගෙන ගිහිල්ලා අපිව’ කියල තමයි ස්වයං අර්ථකතනය කට ගැන. අනික රස හෝ නීරස ඕනැම කතන්දරයක් ලුණු ඇඹුල් දාලා, ඇදල පැදල, කටෙන් වෙට්ටු දාලා, තමයි කියන්නෙ ව්‍යක්ත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.
අම්පාරට අපි යන්නෙ නුවර පාරෙ – වංගු 18, මහියංගනය, පදියතලාව හරහා. ඕකෙ යන්නෙත් අර එල්ෆ් රූට් වෑන්, හයි ඒස්, වගෙ බට්ටො. ඒ දවස් වල දන්නවනෙ මග දිගට චෙක් පොයින්ට්. දවසක් පදියතලවෙ හරි මහඔය හරි කට්ටිය බස්සල චෙක් කරනවලු. දන්නවා ඇතිනෙ ක්‍රමය? මුලින්ම වාහනේ නවත්තල කට්ටිය බහිනව. “හා අයිඩෙන්ටිටි කාඩ්, බෑග් අරන් පෝලිමේ එන්න!” කියල අණ ලැබෙනව. වාහනේ චෙක් පොයින්ට් එක පහු කරල ගිහින් නවත්තගෙනෙ බලා ඉන්නව. චෙක් කරල ඉවර අය එක එක්කෙනා ගිහින් වාහනේට නගිනවා.
එදා උමේෂය තියාගෙන ප්‍රශ්න කරනවලු. බස් එකේ ඉන්න උන් බලා ඉඳල ඉඳල මල පැනලලු. ඒත් මූ නෑලු. අන්තිමට සැහෙන වෙලාවක පස්සෙ මූව එවල. මූ මූන රතු කරගෙන ඇවිත් බස් එකට නැග්ගම මිනිස්සු පටන්ගත්තලු මුගෙන් මුල ඉඳල ප්‍රශ්ණ කරන්න.
“මොකද මහත්තයො මෙච්චර වෙලා?”
“ආ.. ඒ මගෙ නම ටිකක් හොල්මන්නෙ. අරගොල්ලාන්ට පොඩ්ඩක් සැකයි”
“ඇයි මහත්තය සිංහල නෙවේද? ” මිනිස්සු ඇහුවලු ටිකක් සැකෙන්.
“සිංහල තමයි ඕයි” දැන් මුගෙත් රතු කට්ට පැනගෙන එන්නෙ.
“හැබෑටම මොකකද මහත්තයගෙ නම?” පොරක් දැන් සාම ටෝක්.
“උමේෂ් පැඩිඩිලියන්”
කට්ටියම හොල්මන්ලු දැන්.
“පැඩි.. මොකක්?”
“පැඩිඩිලියන්”
“ඒ මොන නමක්ද මහත්තයො?”
“මේකනෙ, අපේ මී මුත්තා ඉස්පාඤ්ඤ කාරයෙක්නෙ.” මූ කියපි.
“මොන මගුලක්ද මහත්තයො. මනුස්සයෙකුට කියවගන්න පුලුවන් නමක් දාගන්නවකො නිකන් මේ මිනිස්සු රස්තියාදු නොකර!!
මූ පස්සෙ අපිට කතාව කියනකොට පොර හොඳටම කූල් වෙලා හිටියෙ.
ඉතුරු කතා පස්සෙ අහමුකො.

ඈහ්.... මේකත් ලයිව් දුවන්ඩද යන්නෙ ???
ReplyDeleteමෙන්න තවත් පැරලල් මෙව්වා එකක්.
ReplyDeleteමේක පෝස්ට් කරලා තියෙන්නේ Thursday, June 6, 2013 8:17 AM
එතකොට සෙන්නගේ කමෙන්ට් එක June 6, 2013 at 8:08 AM
ටයිම් ට්‍රැවලින් කියන්නේ මේකටද මන්දා...
*-*-*--*-*--
ඔන්න පොඩි කෙල්ලො තුන් දෙනෙක් සෙට් වෙලා තාත්තලගේ වේගවත් බව ගැන සාකච්ඡාවක්ලු.
පලවෙනි කෙල්ල: අපේ තාත්තා කම්පණියෙන් පහට වැඩ අරුණු ගමන් බස් එකේ එල්ලිලා පහහමාර වෙනකොට ගෙදර එනවා. පැය භාගයයි.
#2 කෙල්ල: ඕක මොකක්ද අපේ තාත්තා හතරහමාරට වැඩ ඇරිලා හතරයි පනහ වෙනකොට ගෙදර. එයා එන්නේ බයික් එකෙන්නේ.
#3 කෙල්ල: අපේ තාත්තා හතරට වැඩ ඇරිලා තුනයි හතළිස්පහ වෙනකොට ගෙදර.
#1&2: හෑ... ඒ කොහොමද?
#3: අපේ තාත්තා වැඩ කරන්නෙ ආණ්ඩුවෙ කන්තෝරුවකනේ....
උඹට මාර සියුම් නිරීක්ෂණ මෙව්වා එකක්නෙ තියෙන්නෙ අකමෝ...
Deleteඕක වෙන්නෙ මෙහෙමයි.. ඩූඩ්ගෙ කම්පියුටරේ තියෙන්නෙ මාලෙ වෙලාව, මගෙ එකේ තියෙන්නෙ ලංකාවෙ වෙලාව.. ඒ කියන්නෙ මම ඩූඩ්ට වැඩිය පැය භාගයක් ඉස්සරහින් ඉන්නෙ..
ඩූඩ්, වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්ඩෝ...
ඒක කරන්නෙ මෙහෙමයි.. ඉස්සෙල්ලාම සෙටිංග්ස් ගිහින්..... හැක් හැක්... :D :D
ඒ... බොල සෙන්නා...
DeleteGMT තියෙන්නෙ ඒ ඒ රටේ සර්විස් ප්‍රොවයිඩර්ට අනුව ලොකේෂන් එක තෝරලා වෙලාව සපයන්න නේද? මන් කොහෙවත් දැකලා නෑ අද දාපු පෝස්ට් එකකට ඊයේ කමෙන්ට් කරලා තියෙනවා.
මේ ඩූඩත් එක්ක කමෙන්ට් කරන්න බෑ අප්පා....
අකමා මටත් පේන්නෙ මේක ඔටෝ පබිලිස් වෙච්ච එකක්ද කොහෙද. ඩූඩා මේ අහ පේන්නවත් නෑ.. ඊ-මේල් සබ්ස්ක්‍රයිබ් කරලත් නැත්ද කොහෙද ?
Deleteඔන්න ඔහෙ අපිවත් චැටක් දාගෙන ඉමු බන්ස්...
හප්පට සිලි බොලව්. මේකට උඹලා කමෙන්ට් කරලා තියෙනවා මම දැක්කේ දැන් නොවැ. මම හිතුවේ මේක කවුරුවත් නොදන්න එකක් කියලා පර්යේෂන බ්ලොගක් නිසා. මම මේක බැකප් එකක් හැටියට පාවිච්චි කරනවා.
Deleteඋඹලට පේනවද දකුණු පැත්තේ තියෙන ALL POSTS ගැජට් එක. ඔන්න ඕක හරිම ප්‍රයෝජනවත් එකක් අර BLOG ARCHIVE එකට වඩා, මොකද කෙලින්ම පෝස්ට් එක හොයාගන්න පුලුවන් නිසා. පස්සෙ මට ඒක දිගට එල්ලෙන්නෙ නැතිව ස්ක්‍රෝල් කරන්න දාන්න ඕනෙ වුනා, එහෙම දාලා බොක්ස් එකේ දිග පළල හෙමත් වෙනස් අ කර කර පර්ය්ෂණ කලා. පස්සෙ ස්ක්‍රෝල් වෙන්න ලිස්ට් එක දිග මදි හන්දා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ එකක් ඇදලා ඇරියා. උඹලටත් ඕනෙ නම් මේ ගැජට් එක කියාපල්ලා. නැතිනම් අර අඩියේ තියෙන්නේ get this widget කියලා කොටන්න තැනක්.
මමත් ඒක එල්ල ගන්න ඕනා ඩූඩ්.. හැලුප් එකක් ඕනා වුනොත් කියන්නම්..
Deleteමේක පරන එකක් නේද? නම අලුත් කලේ ඇයි? අහම්බෙන් අද ආවෙ.
ReplyDeleteනෑ නිල් මානෙල්, මේක මගේ පර්යේෂණ බ්ලොග. එක එක දේවල් අත්දදා බලන්නේ මේකේ,
Deleteමාත් ඔන්න ඇවිත් ගියා. කතාව නම් කලින් කියෙව්වනේ.
ReplyDelete