මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)
සරළව
කිව්වොත් පබ්ලිෂ් කරන අලුත් පෝස්ට් රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග්
රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන
ඉන්නවා.
මම කරපු දේවල් මෙන්න:
ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ.
යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා.
මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න දුක නිසා, අලුතෙන් ඇරියා බ්ලොග් එකක් ඒ සඳහාම Glidepath කියලා.
අපරාදෙ කියන්න බෑ Glidepath නිසාත්, ජාලෙ සර්ච් කරලත් සෑහෙන වෙනත් දේවල් ඉගෙනගත්ත, හොයා ගත්තා. (උඹලටත් කියන්න, වෙනත් ප්‍රශ්ණවලටත් උත්තර ලැබුනෙ)
අන්තිමේදි ටෙම්ප්ලේට් එකත් වෙනස් කලා, අකමැත්තෙන්. රෙදි ගැලෙව්වා අප්පා. ඩෙනිම හේදුවා. දුකේ බැරුවා!
අන්තිමේදි
අර SOS පෝස්ට් එක දාලා හැමෝගෙන්ම ඉලුවා HeyDude සහ මට හිතෙන හැටි බ්ලොග්
රෝල් වල එල්ලගන්න කියලා. e-mail subscribe කරන්න කියලත් කිව්වා.
ඒ අතරෙ මගෙ යාලුවො කරපු දේවල්:
චන්දන වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම දැම්මා මා වෙනුවෙන් redirect වෙන්න.
අයිලාස් සැමරුමේ සයිඩ් බාර් එකේ ගැජට් එකක් එල්ලුවා මගේ ඩෙනිමට ලින්ක් කරලා.
බුද්ධියා දුන්නා වැප් දොස්තරගෙ ඊ මේල් එකත්.
අනිත් උන් ප්‍රාර්ථනා කලා ඉක්මන් සුව සහ වෙනත් විකල්ප.
බැරිම තැන උණුවතුර ලිඳකට පනින්නත් හදලා...
...වතුර රස්නෙ හන්දා පැන්නෙ නෑ
අන්තිමේදි මෙහෙමයි ගොඩදාගත්තෙ!
චන්දන කිව්වා මෙහෙම:
මේ වෙනකොට මම ෆීඩ් චෙක් කරලා තිබ්බෙ. කිසිම අප්සෙට් එකක් පේන්න තිබ්බෙ නෑ.
මම
කල්පනා කලා චන්දනයගෙ රැවුල නැතුවට හෙඩ් ෆෝන් දාලා කැප් එක දාලත් ඉන්න එකේ
(ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව) මූ කියන එකත් කරලා බලන්න.
ඇලෙව්වා චන්දන කියන feed එක කොපි කරලා ටෙක්ස්ට් ඩොක් එකක. (හරි ඒක තමයි දැනටත් තියෙන්නෙ)
ඕනෙ ගුද මාර්ගයක් කියලා ඇලෙව්වා සෙටිංස් වල තියෙන original එකත් ඊට යටින්.
http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss - What Chandhana says
http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss - original
ඉතින්? ඒක තමයි යකෝ තියෙන්නෙ.
ඈ?
මොනවා?
මේ යට පේලිය පොඩ්ඩක් දිගයි නේද?
ම්ම්ම්ම්?
ඔව් නේ!
ඊට පස්සෙ අකුරෙන් අකුර චෙක් කලා. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ.
යුරේකා! මෙන්න ප්‍රොබ්ලම් එක! යේ!
http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss - What Chandhana says
http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss - original
මෙතන / වෙනුවට // තියෙනවනෙ යකෝ!!!!! ඒකනෙ අවුල!
අම්මා ගහයි කී බෝඩ් එකෙන්!
චන්දන නිසයි මේක අහුවුනේ.
අරක remove කලා. සෙටිංස් සේව් කලා.
ඇලෙව්වා තනි / එකේ ෆීඩ් එක.
සෙටිංස් සේව් කලා.
හම්ම්.
දැන් රිලෝඩ් කරලා බලමු බ්ලොග්.
නෑ වෙනසක්. බලමු.
ඇරියා පොස්ට් එක එඩිට් කරන්න. ඇලෙව්වා මේ කෑල්ල
(එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)
අප්ඩේට් කලා.
දැන්
මේ දවස් තුනක් උදේ ඉඳලා රෑවෙනකල් ලැපිය ඉස්සරහ ඉඳගෙන ඇස්වල පොට යනකල් මේක
විසඳන්න කාපු කට්ටෙ අග්‍ර ඵලය භුක්ති විඳින්නයි යන්නෙ.
අඩේ මෙන්න අප්ඩේට් වුනා. මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙම.
ඇරියා මගේ පර්යේෂණ බ්ලොග Glidepath
රීලෝඩ් කලා.
මෙන්න බඩු වැඩ! එළ නේ!උඹට ස්තුතියි චන්දන!
අක්මාවෙන්ම! උණ්ඩුක පුච්ඡයෙන්ම! උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි
ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න! ආමාෂයික යුෂ
දෝරෙ ගලන්නම!මට වචන එනවා මදි අර සිතුම් පැතුම් රයිටරයා තමයි මේවගේ හැඟීම්
විස්තර කරන්න දන්නෙ! :D
උඹලා හැමෝටම ස්තුතියි බොක්කෙන්ම!
Sunday, March 24, 2013
5. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි!
Labels:
Blogger Issue,
blogging,
Technical,
Thanks.,
සිංහල
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
4 comments:
Now you can Spice Up your comments!
Wanna escape HTML?
This is how to insert a link:
<a href="LINK HERE"> WORDS HERE</a>
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
Subscribe to:
Post Comments (Atom)
[si="6"]Experiments[/si]
ReplyDelete[box]boxed[/box]
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් ...
ReplyDeleteඕ....න්න වන්මෑන්ෂෝ එක බලන්න මාත් ඇවිදින් ගියෝ .......
:), :-O, ;-), :^)
ReplyDelete