මේකත් උමේෂ් මට කියපු කතාවක්.
මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම
අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා
ප්‍රකාර දේවල්. මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.
දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක්
තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා,
කොන්ඩෙ පිහදාල, චූට්ටක් අල්ලට හලාගෙන, කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු
සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය
බඩුවක්නෙ.
එදා ඉඳලා. මම හැමදාම උදේට ඉස්කෝලෙ යන්නෙ. මේකෙනුත් සාත්තුවක් කරගෙන තමයි.
වැඩේ නියමෙට ගියා දවසක් ක්‍රිකට් බෝලයක්
වැදිල ඔලුව පැලෙනකල්. සෞඛ්‍යදාන පොරවල් මාව උස්සගෙන ගියා first aid room
එකට. ගිහිං වතුර බේසමකට උඩින් මගෙ ඔලුව අල්ලගෙන, හෝදන්න ගත්තා, මොකද තුවාලෙන්
ලේ ගලන නිසා.
යකෝ! හෝදන්න, හෝදන්න පෙණ දානවා. පෙණ දාන්න,
දාන්න, මුං හෝදනවා. බැරිම තැන එක අයියා කෙනෙක් ඇහුවා, “මොනවද මල්ලි ඔලුවෙ
ගෑවේ? ෂැම්පුද?” කියලා. මගෙ ටිකිරි මොල ගෙඩියට තේරුනා දැන් කියන දේ අනුව
මගෙ අනාගතය තීරණය වෙන බව. ඉතිං ප්‍රශ්නය නොතේරුන බවත්, මගේ තුවාලය එයාලා හිතනවට
වඩා අමාරු බවත්, පේන්න ටිකක් කෙඳිරි ගාලා ප්‍රශ්නය මග ඇරියා.
ගෙදර ආ ගමන්ම කෙලින්ම බාත් රූම් එකට ගිහින් ලේබලේ බැලුව.
ෂැම්පු නේන්නං!!
කවුද බං දන්නෙ!
ෂැම්පු නේන්නං!!
කවුද බං දන්නෙ!
පසු වදන:
“මේක කවුරුවත් දන්නෙ නෑ. උඹ කාටවත් කියන්න එපා.”
“චික් බං මං එහෙම වැඩ කරනවද?”
මෙම කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 'HAIR GEL' කියවන්න මෙතනින්.
මෙම කතාව මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින්ම පළ කරන ලදි.
මෙම කතාව මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මුලින්ම පළ කරන ලදි.
හයියූ.... උමේෂ් බ්ලොග් කියවන්නෙ එහෙම නැද්ද!
ReplyDelete